සුපුරුදු විදියට සතියක් ගෙවිලා තවත් සතියක උදාවත් එක්කම. පොඩි ප්‍රමාදයකුත් එක්ක මේ අරන් ආවේ මං කැමතිම ගීත දහය. අතීත ප්‍රේම වෘතාන්තයන් අදටත් අමරණීයයි, ඒ අතරින්, සාලිය අශෝකමාලා, දස්කොන් ප්‍රමිලා, නල දමයන්ති, ඒ වගේ කතාවන් ඒ අතරින් එක් ආදර කතාවක් වූ දස්කොන් ප්‍රමිලා ගැන ලියවුනු කතා සහ ගී, නාට්‍ය චිත්‍රපට බොහෝමයි. ඉතින් මේ ඒ ප්‍රේම කතාව ගැන ලියවුනු එක් ගීතයක්. තනිවුනු දස්කොන් සිතින් විඳවමින් ප්‍රමිලා සිහි කරද්දි ප්‍රමිලා මාලිගාවේ සිට පතන්නේ දස්කොන්ගේ සතුට.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නො එවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී
සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නො එවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී
සෙංකඩගල වට අල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු ගී විහඟුන් හැපී වැටෙන්නේ...//
රන් තරු දැස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
පෙම් ගී ගැයු ගී විහඟුන් හැපී වැටෙන්නේ...//
රන් තරු දැස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
සක්මන් කරන මළුව...
වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ....//
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ....//
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ
සක්මන් කරන මළුව...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව.**
**සංගීතය :- ගුණදාස කපුගේ.**
**පද රචනය :- රත්න ශ්‍රී විජේසිංහ.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
**ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව.**
**සංගීතය :- ගුණදාස කපුගේ.**
**පද රචනය :- රත්න ශ්‍රී විජේසිංහ.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
sinhalasonglyicskasun.blogspot.com Log this blog site
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
sinhalasonglyicskasun.blogspot.com Log this blog site
~_______________________________~
No comments:
Post a Comment