Wednesday, May 25, 2016

Mala Ira Basina - මළ හිර බසිනා (W. D අමරදේව)

තම පෙම්වතියට සැබෑවටම ආදරය කලත් එම ආදරය අහිමිවීම තුල තම ජීවිතය හෝ ඇයගේ ජීවිතය නැසීම හැර. තමන් ඇගෙන් වෙන්වී යද්දි ඔහු හිතන්නෙ ඒ සමුගැනීමත් ඇයට දුකක් නොවෙන සේ වෙන්වෙන්නට.. ඉතින් මේ වගේ ලස්සන පද නිර්මාණයක් ලියවුනේනම් මහගම සේකර අපේ මහා ගත් කතුවරයාගේ පන්හි‍ඳෙන්..

~~W. D  අමරදේව - මළ හිර බසිනා~~

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්...
අඳුරට ඉඩදී... අඳුරේ සැඟවී..//
ඔබගෙන් වෙන්වී මම  යන්නම්..

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ...//
සුළඟේ දැවටී ඔබට හොරෙන්...//
ඔබ වෙත මම එන්නම්...
සියුමැලි දෑතින්  ඔබ හිස අතගා...//
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසින්
මල් පෙති අග පිණි කඳුලක් රඳවා...//
සුසුමක් වාගේ ඉන් පිට වී...//
ඔබගෙන් වෙන්වෙන්නම්
අඳුරට ඉඩදී... අඳුරේ සැඟවී..//
ඔබගෙන් වෙන්වී මම  යන්නම්..//

**ගායනය :- W. D අමරදේව.**
**සංගීතය :- W. D අමරදේව.**
**පද රචනය :- මහගම සේකර.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**

ගීතයේ මුල්  පටිගත කීරිම මෙතනින් අසන්න :- https://www.youtube.com/watch?v=l0tJdkLbmzM

ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/mala-ira-basina-mp3-song.php

Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.

~~ සිංහල ගී පදවැල්~~

(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.

ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.

ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!

~_______________________________~

ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group

~_______________________________~.