Friday, January 29, 2016

Heena Matha Adena.. හීන මත ඇ‍ඳෙනා.. Pradeep Rangana

~~ සිංහල ගී පදවැල්~~
හීන මත ඇ‍ඳෙනා.. කවිය නුඹ රුවිනා..
දිවි සරසලා වෙන හඬවලා
සැමරුමේ පිපිලා...
තනු පුරා රඟනා.. ගීතයක් ලෙසිනා..
නුඹ ළංවෙලා යලි වෙන්වෙලා
මගෙ ජීවිතේ හඬවා...
සඳට පෙම් බඳිනා.. තරු කිමඳ හඬනා...//
නෙතට නෙතු ඇ‍ඳෙනා රහස නොම හැ‍ඟෙනා
නුඹ ඉගිලුනා නෙතු රවටලා
පැතු ආදරේ නොපුරා...
හීන මත ඇ‍ඳෙනා..
සකුණ ගී මියුනා.. ළපලු සර හඬවා...//
වෛර සිත් නොපුරා තාම පෙම් කරනා
නුඹ සඳ සරා අහසම වෙලා
යලි වඩින් මට නොරිදා...
හීන මත ඇ‍ඳෙනා..
**ගායනය :- ප්‍රදීප් රංගන.**
**ගී පදවැල :- බෙනඩික් වරුණ.**
**සංගීතය :- ප්‍රසංග තිසේරා.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
~_______________________________~.