~~චන්දන ලියනආරච්චි - බුදු පුතේ වෙසක් සඳ~~
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව
අවවාද කරනවා අකුරටත් යවනවා..
රජ කරවන්නට පුතාව මහ පොලොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි...
සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගෙ තියන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනෙ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි...
**ගායනය :- චන්දන ලියනආරච්චි.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/search/search-results.php?query=Budu+Puthe+Wesak+Sada+Wage
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group
~_______________________________~.
No comments:
Post a Comment