කලාකරුවෙකු ගැන විශේශාංගය තුලින් අද ගෙනෙන්නේ ලංකාවේ ගායන ක්ශේත්‍රය තුල ප්‍රවීන ගායකයකු මෙන්ම ඉතාමත් ජනප්‍රිය ගීතයක් ගැන. බලමු එහෙනම් ඒ ගීතය ගැන සහ ඒ ගායකයා ගැන....
ඔහු වෘර්තියෙන් නිතීඥඥයෙක්. ඔහුට පසුදින මහනුවර උසාවියේ නඩුවක් තිබූ නිසා, ඔහුපෙර දින සවස තම මිතුරෙකු සමඟ දළඳා මාලිගාවට ගියේ ආශිර්වාද ලබා ගන්නට. එසේ යන අතර තුර මාලිගාවේ පඩිපෙල නඟින විට. පසෙකින් සුදු සාරියකින් හැඩවුනු සූරූපි කතක් නෙළුම් මල් මිටක් දෝතට ගෙන මාලිගාවට පිවිසුනා. එය දුටු ඔහුගේ මිතුරා ඔහුට කීවේ ඇය නගර සෝබනියක් යන්නයි. ඒ මොහොතේ සිතට නැඟුනු සිතුවිල්ල රන්බණ්ඩා මහතා අකුරු කරන්නට වුනා. පසු කලෙක එය කේමදාස මාස්ටර් වෙත භාරදුන් මොහොතක එතුමා එය නිර්මාණය අරන්නට භාරගත්තා. පදපෙලේ මුලට ලඳුනේ... ලඳුනේ... යන වචනය පද පෙලේ මැද සිට මුලට ගෙනවිත් ගීතය අලංකාර කල මාස්ටර් එයට සරිලන කටහඬක් තෝරා එක් ගායකයෙකුට ආරාදනා කලා ඒ ගීත ගයන්නට. මාස්ටර් තම වාදක මඩුල්ලත් සමඟින් පටිගත කිරීමට සිතූ වේලාව වෙන තුරු බලා සිටියා. ඒ නිර්නාමික ගායකයා වෙලාවට පැමිණියේ නැහැ. ඉතින් මාස්ටර්ට හොඳටම කේන්ති ගියා. එතුමා වෙලාවට වැඩ කරන කෙනෙක් විදියට එතුමා එයට බොහෝ සෙයින් කෝප වුනා. එවකට ඔහුගේ වාදක මඩුල්ලේ වයලීනය වාදනය කල අමරසිරි පීරිස් මහතා දෙසට හැරුනු මාස්ටර්. ඔහුට එය ගායනා කරන්නට කිව්වා. ඉතින් අමරසිරි එම ගීතය ගායනා කලා. ඒ තමා ප්‍රවීන ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ගායන ක්ශේත්‍රයට පැමිණි විදිය. ඒ ඔහු ගයන ලද ප්‍රථම ගීතය. බොහෝදෙනෙක් හිත් බැඳගත්, කොහේ හෝ මේ ගීතය ඇසෙන විට දෙසවන් යොමා අසා සිටින්නට බොහෝ දෙනෙක් ප්‍රිය කරන ගීතයක්.
~~~~~~~~~~~~~~~~~~~~~~
ලඳුනේ.... ලඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ....
ලඳුනේ....
දෙනෝදහක් අත ගත්තද
සැමියෙකු නැති ලඳුනේ...
නෑයොත් නෑකම නොකියන
වීදි සරන ලඳුනේ... ලඳුනේ...
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පිය මංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ....
ලඳුනේ...
ලඳුනේ.... ලඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ....
ලඳුනේ....
දෙනෝදහක් අත ගත්තද
සැමියෙකු නැති ලඳුනේ...
නෑයොත් නෑකම නොකියන
වීදි සරන ලඳුනේ... ලඳුනේ...
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පිය මංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ....
ලඳුනේ...
බුදුන් දැක නිවන් දකිමැයි
දෙවුරම යන පාර අහන
ඔබද පටාචාරාවකී.. ඔබද කිසා ගෝතමියකි...
පීමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ...
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ලඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...
දෙවුරම යන පාර අහන
ඔබද පටාචාරාවකී.. ඔබද කිසා ගෝතමියකි...
පීමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ...
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ලඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...
~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- අමරසිරි පීරිස්.**
**පද රචනය :- රන්බණ්ඩා සෙනෙවිරත්න.**
**සංගීතය :- ප්‍රේමසිරි කේමදාස.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
**ගායනය :- අමරසිරි පීරිස්.**
**පද රචනය :- රන්බණ්ඩා සෙනෙවිරත්න.**
**සංගීතය :- ප්‍රේමසිරි කේමදාස.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~
ගීතයෙන් කියවෙන්නෙ එහෙම කෙනෙක් ගැන කියල දැනන් හිටියත් පද රචනයට නිමිත්ත හරියටම දැනන් හිටියෙ නෑ. ඒ වගේ නිමිත්තත් එක්ක ඉදිරිපත් කරන එක හොදයි කසුන්. සුභ පැතුම් .. අලුත් වැඩේට .. !!!
ReplyDeleteහදවතින්ම ලිව්ව ඒ වචන ටිකට බොහොම ස්තූතියි හේමන්ත අයියා... ඉස්සරහට හැම ගීතයකම වගේ ලියන්න උත්සහ කරනවා...
ReplyDelete