ජීවිතය කොපමන පුදුමාකාරද...?? ඊයේ ඉපදුණු කුඩා බිලිඳා හෙට දිනෙක මහළු වී මියදෙනවා. ආදරය ඒ කාලය තුල එම මිනිසාට ජීවත් වෙන්නට අත්වැලක් වෙනවා. කෙමෙන් කෙමෙන් වයසට ගියද ශක්තිය අඩුවී ගියද ආදරයෙන් වෙලුනු දෙදෙනෙකුගේ ආදරය සදා අමරණීයයි. මේ ආදරයත් එහෙම ආදරයක්. එදා ඇවිද ගිය කොලොම්තොටද, එදා අම්බරේ පෑයූ සඳද,, මහලු වී නැත. එහෙත් මේ පෙම් යුවල ගතින් වහැරී මහලු වී ඇත. නමුත් ඔවුන්ගේද සිතෙහි හටගත් ආලය තවමත් මහළු වී නැත.. මේ සති අග සුපිරි ගීතය. බලන්න. අමරදේව මාස්ටර් ගයන ලස්සන ගීතයක් තෝරගත්තා සතිඅග ගීතය වෙනුවෙන්..
~~~~~~~~~~~~~~~~~~~~
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත අප දෙන්නා...
බලන් කැඩපත සොඳුරියේ...
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත අප දෙන්නා...
බලන් කැඩපත සොඳුරියේ...
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොලොම්තොට...
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ අයි සරඳම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නරකෙසත් පැහිලා...
සිනා තලමින් සඳේ අයි සරඳම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නරකෙසත් පැහිලා...
කොලොම්තොට...
~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- W.D අමරදේව.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
**ගායනය :- W.D අමරදේව.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~
No comments:
Post a Comment